ආසියාවේ ධනවත්ම පවුලේ මඟුල් ගෙදරක් ගැනයි මේ..
මුකේෂ් අම්බානි,ආසියාවේ ධනවත්ම පුද්ගලයා පමණක් නොව ලොව ධනවත්ම පුද්ගලයින් කිහිප දෙනා අතුරෙන් එක් අයෙක්. ආනන්ද් අම්බානි,මෙම පවුලේ බාලම පුතු වනවා. ආනන්ද් සහ රාධිකාගේ විවාහ මංගල්‍යය දින 04ක් පුරාවට පැවැත්වුණු විවාහ මංගල්‍යයක්. මුකේෂ් අම්බානිගේ පුතුගේ අත ගත් මේ සුරූපි යුවතිය ගැන දැන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. රාධිකාත් අම්බානි පවුලත් එක්ක කරට කර ගැටෙන්න පුළුවන් විදිහේ ධනවත් පවුලක දියණියක්.
ඇය ඉන්දියාවේ ධනවත් ඖෂධ ව්‍යාපාරිකයන් වන විරේන් සහ ෂයිලා මර්චන්ට්ගේ දියණියයි. රාධිකා ඇගේ විවාහ මංගල්‍යයේදී සැරසී සිටියේ, සාම්ප්‍රදායික ලෙහෙංගා ඇඳුමකින්. ඇගේ මංගල ඇඳුමේ විශේෂත්වය නම් එය නිර්මාණය කර තිබුණේ සැබෑම රත්තරං වලින් වීමයි. විදෙස් මාධ්‍ය ඇය සියවසේ මනාලිය ලෙසත් නම් කර තිබුණා.
– By Maleesha –

Leave a Reply