Flying Car

Flying Car

කාර් යන්නේ පොළොවේ. Car යන්නේ අහසේ. මෙච්චර කල් එහෙම වුණාට දැන් එහෙම නෑ. හේතුව පොළොවෙත් යන අහසෙත් යන කාර් දැන් ලෝකේ තියනවා. අහසෙයි පොළවෙයි දෙකේම යන්න අවසරය සහිත පළමු කාර් එක පහුගිය දවසක අලෙවි වුණා.

මේක ස්ලෝවැකියාවේ නිෂ්පාදනයක්. KleinVision සමාගම තමයි මේ කාර් එක නිෂ්පාදනය කළේ. විනාඩි 3 ක කාලයකදි මේ කාර් එකට plane එකක් බවට පත් වෙන්න පුළුවන්. අඩි 8000 ක් තරම් ඉහළට ගමන් කරන්නත් පුළුවන්. අහසේදි පැයට සැතපුම් 100 වේගයකින් යන්න පුළුවන්කමත් තියනවා.

මේ flying vehicle එක චීනයට අලෙවි කළා. ඒ වාහනය විතරක් නෙවෙයි සම්පූර්ණ තාක්ෂණයත් සමගයි. අලවි වුණු මිල පිළිබඳ සඳහනක් නෑ. මිලට ගත්ත සමාගම බවට පත් වුණේ Hebei Jianxin Flying Car Technology. මින් ඉදිරියට නිෂ්පාදනය සහ බෙදාහැරීම පිළිබඳ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මේ සමාගමට.

-By sas-


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *