96 වැනි Oscar සිනමා සම්මාන උළෙල

96 වැනි Oscar සිනමා සම්මාන උළෙල

96 වැනි Oscar සිනමා සම්මාන උළෙල Los Angeles නුවර Dolby Theatre හීදී අති උත්කර්ශවත්ව අවසන් වුණා. ඒ අනුව 96 වැනි Oscar සම්මාන උළලේ හොඳම නළුවා ලෙස Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy සම්මානය දිනා ගත් අතර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Oppenheimer අධ්‍යක්ෂ Christopher Nolan විසින් දිනා ගන්නා ලදි. හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Poor Thing හී Emma Stone.

මේ අතර සම්මාන උළලේ කවුරුත් පුදුමයට පත් කරමින් John Cena ” Best Costume Desing ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරන්න වේදිකාවට එන්නේ ඇඟේ නූල් පටක් වත් නැතිවයි. මේ අවස්ථාව පැමිණ සිටි සියලු දෙනාම සිනා සයුරක ගිල්ලවන්න සමත් වූ සිද්ධියක් වුණා.

කෙසේ වෙතත් 2023 Oscar සම්මාන උළලේ Best Costume Design අංශයේ ජය හිමිවුනේ Holly Waddington ට.ඒ Poor Things වෙනුවෙන්.

– By Awani-


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *