Gossip කියන ගැහැනු

Gossip කියන ගැහැනු

කාන්තාව සහ Gossip කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා සමහර වෙලාවට සමහර අය කියනවා. කොහොම වුණත් කාන්තාවන් එකට එකතුවෙලා Gossip ටිකක් share කර ගන්න එක කොප්ප හොදනවා‍, ලිඳ ළග සංගමය රැස්වෙලා වගේ විවිධ නම් වලිනුත් හඳුන්වනවා. කාන්තාවන්ගේ Gossip ගැන ලෝකේ විවිධ පර්යේෂණ පවා සිද්ධ වෙලා තියනවා. මේ චීනයේ Beijing Normal University එක කාන්තාවන්ගේ Gossip ගැන අලුතින්ම කියන කතාව.

වයස අවුරුදු 23 ත් 35 ත් අතර විවිධ වයස්වල කාන්තාවන් 190 ක් යොදාගෙන තමයි මේ පර්යේෂණය සිද්ධවුණේ. මුලින්ම ඒ පිරිසට උපදෙස් දුන්නා තමන්ගේ තියන ආකර්ෂණීය බව සහ තමන්ගේ ආත්ම අභිමානය Rate කරන්න කියලා. ඒ වගේම තවත් කාන්තාවන්ගේ photos පෙන්වලා පිරිමියෙක්ගේ ආකර්ෂණය පිළිබඳව විස්තර එකතු කරගෙන තිබුණා.

මේකෙදි දැකපු දෙයක් තමයි තමන්ගේ ආකර්ෂණිය බව වැඩියි කියලා හිතපු අය අනිත් අයට දක්වපු ඉරිසියාව සහ අනිත් අය ගැන Gossip කියන එක වැඩියි කියන එක. ඒ වගේම අඩු ආත්ම අභිමානයක් තිබුණ අයත් අනිත් අය ගැන Gossip කියන එක වැඩියි කියන එක මේකෙදි දැකලා තිබුණා.

By sas

Image Credit – Adobe Stock


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *