ශබ්ධයේ වේගයටත් වඩා වේගවත් Train එකක්

ශබ්ධයේ වේගයටත් වඩා වේගවත් Train එකක්

ගමනට බිමනට හැමදේකටම වේගය කියන්නේ අතිශය වැදගත් දෙයක්. කාලය ඉතිරි කරගන්නා තරමට අපට කළ හැකි දේ ද වැඩියි. මෙි නිසාම ලෝකයේ තාක්ෂණික දැවැන්තයින් නිරන්තරයෙන් වැඩි වේගයක් කරා යන්නට විවිධ උත්සාහයන් දරණවා. මේ චීනය දරණ එවන් උත්සාහයක් ගැන.

Hyper-loop train ගැන කතා ඇති වෙන්න පටං අරන් දැන් ටික කාලයක් වෙනවා. ඒ කථා වල තවත් දැවැන්ත පියවරක් තියන්න චීනය සමත් වෙලා. චීනය T Flight නමින් දුම්රියක් මේ දින වල වැඩි දියුණු කරමින් සිටිනවා. Short test track එකක පසුගිය දිනක කළ පරීක්ෂන ධාවනයකදී දැනට ලොව ඇති දුම්රියක් වාර්ථා කළ වැඩිම වේගය වාර්ථා කළා. ඒ පැයට සැතපුම් 387 ක වේගයක්. දැනට ලොව ධාවනය වන වේගවත්ම දුම්රිය ලෙස සැලකෙන්නේ ජපානයේ MLX01 Maglev දුම්රියයි. ඒහි වේගය පැයට සැතපුම් 361 ක්.

කෙසේ වෙතත් මෙම T Flight දුම්රිය සාමාන්‍ය භාවිතයට ගන්නා අවධිය වන විට එහි වේගය පැයට සැතපුම් 1243 ක් නැතිනම් පැයට කිලෝමීටර් 2000 ක් පමණ වනු ඇතැයි විශ්වාස කරනවා. එනම් ශබ්ධයේ වේගයද අභිබවා ගිය වේගයක් ලබා ගනිමින්.

මෙහි තාක්ෂණය පිළිබදව බැලීමේදී Hyper-loop ආකාරයෙන්ම් සංවෘත්ත මාර්ගයක ගමන් කරනු ඇති අතර magnetic levitation නැති නම් කාන්දම් ආධාරයෙන් පාවෙමින් යන දුම්රියක් බවට පත්වනු ඇත.

source – dailymail.co.uk


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *