හරියට කොණ්ඩේ කැපුවේ නැත්නම් තත්වය බරපතලයි

හරියට කොණ්ඩේ කැපුවේ නැත්නම් තත්වය බරපතලයි

මේක තායිලන්තයේ පතායා වල සිද්ධ වුණ සිද්ධියක්. රුසියානු සංචාරකයෙක් දින කිහිපයක සංචාරයකට තායිලන්තයට ආවා. සංචාරය අතරතුරදි කොණ්ඩයත් ටිකක් කපාගන්න උවමනා වුණු නිසා පතායා වල සැලෝන් එකකට යන්න තීරණය කළා. තමන්ට අවශ්‍ය විදිහ ගැටගහත්ත ඉංග‍්‍රීසියෙන් කිව්වා කියලා තමයි ආරංචිය. මොකද රුසියානු ජාතිකයටත් හරියට ඉංග‍්‍රීසි බෑ.

තේරුණ විදිහට කොණ්ඩෙ කැපුවත්, රුසියානු ජාතිකයා ඒ ගැන සතුටු වෙලා නෑ. වැඩේ අවුල් කියලා නොසෑහෙනට කේන්ති ගිහින්. අදාල මුදල ගෙවනවා වෙනුවට කොණ්ඩෙ කපපු මනුස්සයාගේ කොණ්ඩෙ කපන එක තමයි කරලා තිබුනේ. මේ වෙලාවේ ගත්ත photo ටිකක් Social media වල එහෙ මෙහෙ ගියා. මේ සිද්ධිය ගැන සෑහෙන විවේචන තිබුනා


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *