K-pop ලෝකයේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත්ත BLACKPINK group එක ගැන මේ දවස්වල කතාබහට ලක්වෙන special news එකක් තියෙනවා. ඒ තමයි South Korean Government එකෙන් දෙන Okgwan Order of Cultural Merit appreciation award එක BLACKPINK group එකට ලැබිලා තියන එක.
විශේෂත්වය තමයි මේ appreciation award එක හිමිකරගත්ත පලවෙනි K-pop girl group එක බවට BLACKPINK පත්වීම.
ඔක්තෝබර් 29 වැනිදා South Korea වේ Soul වල තිබ්බ 17 වැනි Korea Popular Culture and Arts Awards Ceremony එකේදි තමයි මේ සම්මානය ප්රදානය කරලා තියෙන්නේ. Jisoo, Jennie, Rosé & Lisa කියන members ලා 4 දෙනාම මේ ගෞරවයට නම් කරලා තිබුණා. Ceremony එකේදී YG Entertainment නියෝජිතයෙක් Black Pink වෙනුවෙන් award එක ලබාගෙන තියනවා.
දැන් බලමු මේ Okgwan Order of Cultural Merit කියන්නේ මොකක්ද කියලා.
මේක නිකම්ම තවත් Music Award එකක් නෙවෙයි. South Korean Government එකෙන් තමන්ගේ රටේ සංස්කෘතිය ඒවගේම කලා ක්ෂේත්රය දියුණු කරන්න, ඒවා international level එකට ගෙනියන්න විශේෂ දායකත්වයක් ලබාදුන්න කට්ටියව වගේම groups appreciate කරන්න පිරිනමන රජයේ සංස්කෘතික ගෞරවයක්. Okgwan කියන්නේ Order of Cultural Merit කියන එකේ 4වෙනි grade එක.
BLACKPINK group එකට මේ ගෞරවය ලැබෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ලෝකය පුරා Korean Wave එක, එහෙමත් නැත්නම් Hallyu culture එක ප්‍රචලිත කරන්න එයාල ලබාදුන්න දායකත්වය.
ඒ වගේම BLACKPINK කියන්නේ music වලින් විතරක් නෙවෙයි, world records ගණනාවකින්ම තමන්ගේ නම සටහන් කරගත්ත group එකක්.
2022 අවුරුද්දේ release වුන එයාලගෙ දෙවැනි Studio Album එක BORN PINK Billboard 200 වගේම UK Official Albums Chart දර්ශක දෙකේම No.01 වුනා. ඒ වගේම මේ දර්ශක දෙකම එකපාර win කරපු Asian female artist act එක විදියටත් එයාල පත්වුනා.
තවත් පුදුම හිතෙන වාර්තාවක් තමයි 2026 පෙබරවාරි මාසයේදී BLACKPINK YouTube channel එක Subscribers 100M සීමාව පහු කරපු එක. ඒ විදිහට මිලියන 100ක Subscribers ප්‍රමාණයක් ලබාගත්ත ලෝකෙ පලවෙනි Music Artist Channel එක බවටත් එයාල පත්වුණා.
ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්දේ release කරපු එයාලගෙ තුන්වැනි Mini Album එක DEADLINE 1වෙනි සතියෙම පිටපත් මිලියන 1.77කට වැඩි ප්‍රමාණයක් අලෙවි කරලා K-pop girl group එකක් විදියට වාර්තාගත ආරම්භක අලෙවියක් සටහන් කරලා තිබුනා. ඒ වගේම එයාලගෙ World Tour එකත් cities 16ක shows 33ක් පැවැත්වුණා.
මේ හැම ජයග්රහණයක්ම අතරේ තවත් විශේෂ දෙයක් තියෙනවා. 2026 කියන්නේ BLACKPINK group එකට එයාලගෙ 10th anniversary year එකත් වෙනවා. 2016 අගෝස්තු මාසයේදී start කරපු මේ journey එක, අද ලෝක සංගීත ක්ෂේත්රයේ විශාල බලපෑමක් ඇති කරපු ගමනක් බවට පත්වෙලා තියනවා කියලා දැන් වෙද්දී හැමකෙනාම වගේ දන්නවා.
මේ ගෞරවය ලැබුනට පස්සේ BLACKPINK members ලා YG Entertainment through තමන්ගේ සතුට ඒවගේම ස්තුතිය ප්‍රකාශ කරලා, තමන්ගේ music වලට ආදරය කරන හැමකෙනෙක්ටමත්, හැමදාමත් තමන් එක්ක ඉන්න BLINKSලාටත් ස්තුති කළා. ඉස්සරහටත් හොඳ music වලින් fans ලට සැනසීමක් වගේම හැඟීමක් ලබාදෙන කලාකරුවන් වෙන්න උත්සාහ කරනවා කියලත් එයාල කියලා තියනවා.
ඉතින් ජනප්‍රියත්වය, වාර්තා වගේම සම්මාන අතරේ BLACKPINK අද තමන්ගේ නම දකුණු කොරියාවේ සංස්කෘතික ඉතිහාසයටත් එකතු කරලා ඉවරයි.
#BlackPink #OkgwanOrderofCulturalMeritAward #TopCultureHonor #SouthKorea #Appreciation #Jennie #Jisoo #Rose’ #Lisa #Blinks #Kpop #Music
– Minji –

Leave a Reply