TWICE girl group එකේ leader Jihyo, JYP Entertainment එකත් එක්ක අවුරුදු 21ක් පුරාවටම තිබ්බ connection එක officially end කරලා එයාගෙම ලොකු ගමනක් යන්න Jihyo ලොකු step එකක් තිබ්බා.
K-pop star කෙනෙක් වෙන Jihyo මේ news එක ඔක්තෝබර් 21 social media වලට දාලා published කරේ එයාගෙම අතින් ලියපු හරිම emotional letter එකක් විදියට. ඒත් එක්කම එයාගෙම company එකක්, EMITHAUS කියලා start කරලා තියනවා කියලත්, ඒකෙන් තමන්ගෙම solo music journey එක සහ creative projects ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා කියලත් Jihyo ගෙ announcement එකේ එයා කියලා තියනවා.
Jihyo මුලින්ම JYP Entertainment company එකත් එක්ක join වෙන්නෙ 2005 අවුරුද්දේ අවුරුදු 8ක හරිම පොඩි Trainee කෙනෙක් විදියට. JYP එක යටතේ අවුරුදු 10 කට ආසන්න කාලයක් trainee කෙනෙක් විදියට ඉදල පස්සේ, 2015 අවුරුද්දෙ TWICE group එකේ leader විදියට වගේම main vocalist විදියට Jihyo Debut කරනවා. අවුරුදු ගානක් K-pop music industry එකේ ගොඩාක්ම හදුනගත්ත artists ලා අතරට Jihyo එක් වෙනවා.
JYP Entertainment එකත් එක්ක ගතකරපු අවුරුදු 21ක කාලය ගැන අදහස් දක්වලා Jihyo, තමන්ගේ ළමා කාලයේ ඉදන් මේ වෙනකන් එයාට උදවු කරපු හැම කෙනෙක්ටම ස්තුතිය පුද කරලා තියනවා.ඒ ලබා ගත්ත experiences තමන්ගෙ ජීවිතයේ හරිම වැදගත් කොටසක් කියලත්, ඒක අද එයා මේ තැනට එන්න, Artist කෙනෙක් විදියට තමන්ගෙම අනන්‍යතාවක් හදාගන්න ලොකු බලපෑමක් වුනා කියලත් Jihyo කියලා තියනවා.
කොහොම වුනත්, JYP Entertainment එකෙන් අයින් වුනා කියන්නෙ,TWICE group එකෙන් අයින් වෙන එක නෙවෙයි කියලා Jihyo පැහැදිලි කරලා තියෙනවා. TWICE කියලා කියන්නෙ තමන්ගේ ජීවිතයෙන් කවදාවත් වෙන් කරන්න බැරි ගොඩාක් වැදගත් දෙයක් කියලා එයා කියනවා. තමන්ගෙ solo music career එකේ වැඩ ටික ඉස්සරහට කරගෙන යනවා වගේම,එයාගෙ members ලත් එක්ක දිගටම stages වල perform කරන්න බලාපොරොත්තු වෙනවා කියලා Jihyo කියනවා.
TWICE members ලා වෙන Jeongyeon සහ Chaeyoung එයාලගෙ පෞද්ගලික වෘත්තීය කටයුතු ඉස්සරහට ගෙනියන්න JYP Entertainment එකෙන් කලින්ම අයින් වෙන්න තීරණය කලානෙ එතකොට JYP Entertainment එකෙන් අයින් වෙන 3වෙනි member තමයි Jihyo.
Jihyo මීට කලින් 2023 අවුරුද්දෙ එයාගෙ First Solo Mini Album එක ZONE released කරලා Solo Artist කෙනෙක් විදියට music industry එකට ආවා. ඒකෙ main song එක වුනේ, “Killin’ Me Good” song එක.
EMITHAUS company එකත් එක්ක start කරන්න හදන මේ අලුත්ම chapter එක වගේම TWICE band එකත් එක්ක එයාගෙ ගමන දිගටම තියාගෙන යන එකත්, solo artist කෙනෙක් විදියට Jihyo ඉස්සරහට achieve කරගන්න ඉන්න goals ගැන ලෝකෙ පුරාම ඉන්න එයාගෙ fans ලා ලොකු උනන්දුවකින් බලාගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ.
– Minji –

Leave a Reply