Smart Phone වල අවසානය 2055 දී?

Smart Phone වල අවසානය 2055 දී?

ටෙලිෆෝන් කියන දේ ටික ටික පරිණාමය වෙලා මේ වෙද්දි smart phone level එකටම ඇවිල්ලා තියෙනවා.
අපිට නැතුවම බැරි දෙයක්නේ Smart Phone එක.

උදේට ඇහැරෙන්නෙත් ෆෝන් එකෙන් ඇහෙන Alarm tone එකට. දවස පුරාම communicate කරන්න, ජොබ් එකේ වැඩ වලට, entertainment වලට, කොටින්ම කියනවා නම් රෑට නින්දට යනකම්ම smart phone එක අපේ හෙවනැල්ල වගේම ඉන්නවා.

එහෙම ඉන්න smart phone එක අපේ ළඟින් පොඩි හරි වෙලාවකට ඈත් වුණොත් අපිට පිස්සු හැදෙන්නැති ටික විතරයි.
ඔයා විශ්වාස කරනවද තව අවුරුදු තිහක් යද්දි මේ ස්මාර්ට් ෆෝන් එක අතේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇහේ තියෙන දෙයක්. ඒ කියන්නේ smart phone නෙවෙයි smart glasses බවට මේක පත්වෙනවා.

අවුරුදු තිහක් යන්න කලින් මේක මේ විදිහට සිද්ධ වෙනවා කියලා කියන්නේ Mark Zuckerberg.
මේ වෙද්දිත් smart glasses කියන එක ලෝකෙට හඳුන්වල දීලා ඉවරයි.
එහෙනම් 2055 වෙද්දි සාක්කුවට අත දදා ස්මාට් ෆෝන් එක හොයන්න ඕන නෑ. ඔයාගේ අත් දෙක සම්පූර්ණයෙන්ම නිදහස්. ඇස්වලින් වැඩක් ගන්න කාලයක් තමයි එන්නේ.

– By Ihara –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *