පුපුසා කියලා කියන්නෙ මොනාද කියලා ඔයා දන්න්වද? පුපුසා කියන්නේ ඉරිඟු පිටිවලින් සාදන ලද සහ චීස් හා ඌරු මස්වලින් පුරවා ඇති පැතලි ග්රිඩ්ල් කේක් එකකට.
ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා Washington ප්රදේශයේ,සැල්වදෝරියානු සූපවේදීන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් Fiesta DC කියලා උත්සවකයදී ලොව විශාලතම pupusa එක හදන්න සමත් වෙලා තියෙනවා.
Fiesta DC උත්සවය කියන්නේ හිස්පැනික් උරුම මාසය සමරන වාර්ෂික උත්සවයක්.ඉතින් සෙනසුරාදා උදෑසන මේ පුපුසා එක හදන්න වැඩ start කරලා තියෙනවා.ඉතින් කොහොමහරි මේ සූපවේදීන් ගිනස් ලෝක වාර්තාව තියන්න උත්සාහය දරලා තියෙනවා.ඉතින් මීට පෙරත් අඩි 18 ක පළලකින් යුත් පුපුසා එකක් 2022 දී එල් සැල්වදෝරයේ සාදලා තියෙනවා. හැබැයි මේ පුපුසා එක අඩි 20ක්, අඟල් 2ක් පළල වෙනවා.
ඉතින් මෙහි එක චෙෆ් කෙනෙක් වන අයිරිස් වෙරෝනිකා පැවසුවේ, “අපි සියලු දෙනා එකතු වී මෙය කිරීමට ක්රමයක් සොයාගත් බවත් මෙම දැවැන්ත මෙගා-පුපුසා නිර්මාණය කිරීමට සාර්ථක වූ බවත්” ඇය පැවසීය.
ඉතින් මෙය ලෝකය දැනට වාර්තා තැබූ ලොකුම පුපුසා එක බවට පත් වන ලදී.ඉතින් මේ ලොකුම ලොකු පුපුසා එක කොටස් වලට කපා සෙනසුරාදා සහ ඉරිදා මේ උත්සවේට යන එන අයට බෙදලා
දෙන්නත් මේ අය තීරණය කරලා තියෙනවා.
-By Avish-

Leave a Reply