හදවතට හොඳයි, දහඩියත් දමයි

හදවතට හොඳයි, දහඩියත් දමයි

වයස් භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙක්ම ජීවිතයේ පුරුද්දක් කර ගත යුතු අංගයක් වන්නේ ව්‍යායාම කිරීමයි. ඔබගේ මුලු ශරීරයම ශක්තිමත් කිරීමට වගේම ඔබගේ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කරමින් ඔබගේ දිගු කාලීන සෞඛ්‍ය සහතික කිරීමට හොදම ක්‍රමය මෙයයි.

නමුත් හෘද වාහිනී සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කරන විටදී ඔබේ හදවතට සහ පෙනහලු වලට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට බල
කරන , ඔබේ සෛල වෙත ඔක්සිජන් මුදා හරින හෘද වාහිනී ව්‍යායාම සදහා ඔබ ප්‍රමුඛ අවධානය යොමු කිරීම වැදගත් වේ. ශක්තිය පුහුණු කිරීමේ ව්‍යායාම හරහා රුධිර පීඩනය අඩු කිරීම, ධමනි අභ්‍යන්තර බිත්ති මනා පැවැත්ම , රුධිර කැටි ගැසීම බිඳ දමන එන්සයිම මුදා හැරීම සහ හදවත් පෝෂක නව ධමයි වර්ධනය සහ ප්‍රතිවර්ධනය කියන්නා වූ ප්‍රතිලාභ රැසකට මඟ පෙන්වයි.

මීට අමතරව දෛනිකව හෝ සතියකට 3/4 වරක්වත් නිදහස් චලන හා jogging වැනි ව්‍යායාම සදහා අවම වශයෙන් මිනි : 30ක් හෝ වෙන් කිරීම ඔබට නීරෝගී දිවියක් වෙත වියදමකින් තොරව මඟ පෙන්වනු ලබයි. තවද මෙමඟින් දියවැඩියාව වැළඳීමේ අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු කරයි. රුධිරයේ සීනි මට්ටම අඩු වීම රුධිර වාහිනී සහ හෘදය පාලනය කරන ස්නායු ශක්තිමත් කරන නිසාවෙන් දියවැඩියාව වැළදීමේ අවදානම අඩු වීම හෘද රෝග ඇතිවීමේ අවදානම ද අඩු කරන්නට හේතු වන බව වෛද්‍ය පර්‍යේෂණ මඟින් සොයා ගෙන තිබේ.

– By Vindy –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *